සාර්ථකත්වයේ හිනිපෙත්තටම පියනගන්න

සන්රේ ඇකඩමිය සමඟින් ඔබේ කුසලතා ඔප්නංවා ගන්න.

වෘත්තීය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම පිළිගැනීමක් හිමි අපගේ පාඨමාලා සමඟින් ඔබේ වෘත්තීය ගමන තවත් සාර්ථක කරගන්න. විෂය ප්‍රවීණයන්ගෙන් අධ්‍යාපනය ලබමින් සහ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු පාඨමාලා මොඩියුලයන් මඟින්, අභියෝගාත්මක වෘත්තීය ලෝකයේ ඔබව වෙනස්ම තලයකට ඔසවා තබන සාර්ථක වෘත්තීය ප්‍රතිරූපයක් නිර්මාණය කරගන්න.

ප්‍රමුඛතම පාඨමාලා

වෘත්තීය ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති කුසලතා අදම ප්‍රගුණ කිරීම ආරම්භ කරන්න.

දීප්තිමත් අනාගතයකට පියනගන්න!

සන්රේ ඇකඩමිය වෙත ඔබ සාදරයෙන් පිළිගනිමු! “ආලෝකමත් අධ්‍යාපනයක් – දීප්තිමත් අනාගතයක්” යන තේමාව පෙරදැරිව, ශ්‍රී ලාංකීයන්ගේ ජීවන රිද්මයේ යහපත් වෙනසක් සිදුකරන ප්‍රමුඛතම ඔන්ලයින් අධ්‍යාපන ආයතනයක් ලෙස අපි ක්‍රියාත්මක වන්නෙමු. 2021 වසරේ සිට අඛණ්ඩව විකාශනය වූ අප, අද වන විට වේද ශාස්ත්‍රීය දැනුම (ජ්‍යොතිෂය, වාස්තු ආදී), නව භාෂා සහ සන්නිවේදන කුසලතා මෙන්ම ව්‍යාපාරික කළමනාකරණ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා වූ අගනා පාඨමාලා රැසක් හඳුන්වා දී ඇත. ලොව ඕනෑම තැනක සිට, ඔබට පහසු වේලාවක හැදෑරිය හැකි අපගේ නම්‍යශීලී ඔන්ලයින් සහ හයිබ්‍රිඩ් පාඨමාලා හරහා ඔබේ දැනුම හා වෘත්තීය කුසලතා ඔප්නංවා ගනිමින් ආලෝකමත් අනාගතයකට පියනගන්නට අදම අප හා එක්වන්න!

ප්‍රමුඛතම අංශ

වෘත්තීය ලෝකයේ වැඩිම ඉල්ලුමක් ඇති කුසලතා අදම ප්‍රගුණ කිරීම ආරම්භ කරන්න.

ඔබ අප හා එක්විය යුත්තේ ඇයි?

වෘත්තීය ඉගැන්වීම්, ක්‍රමවත් ඉදිරි ගමනක් සහ බාධාවකින් තොර තාක්ෂණික අත්දැකීමක් එකම තැනකින් ලබාගන්න.

ඉලක්කගත විෂය නිර්දේශ

අනවශ්‍ය කරුණු වලින් තොරව, සෑම පාඩම් මාලාවක්ම ඔබට උපරිම වටිනාකමක් සහ ප්‍රායෝගික කුසලතාවයන් ලබා දෙන අයුරින් මනාව සැලසුම් කර ඇත.

ක්ෂේත්‍රයේ ප්‍රවීණ උපදේශකවරුන්

අදාළ වෘත්තීය ක්ෂේත්‍රවල සක්‍රීයව නියැලෙන ප්‍රවීණයන්ගේ එදිනෙදා ප්‍රායෝගික අත්දැකීම් සමගින් සෘජුවම අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව.

ඔබටම වෙන්වූ පරිශීලක අවකාශය

ඔබේ පුද්ගලික ඩෑෂ්බෝඩ් (Dashboard) පහසුකම හරහා ඉතා පහසුවෙන් ඔබේ අධ්‍යයන ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට සහ පාඨමාලා ගෙවීම් කළමනාකරණය කිරීමට ඇති හැකියාව.

නම්‍යශීලී ගෙවීම් ක්‍රම

මූලික ගෙවීමක් මඟින් ඔබේ අසුන තහවුරු කරගන්න. ඉතිරි මුදල ඔබට පහසු වාරික ක්‍රමයට ගෙවීමේ පහසුකම ද සලසා ඇත.

සාර්ථක වූ සිසුන්ගේ අත්දැකීම්

තම වෘත්තීය ජීවිතය සාර්ථක කරගත් සියගණනක් වූ සිසුන් පිරිස සමඟ ඔබත් අදම එක්වන්න.